E ඉගෙනුම lk

දන්නා විදියෙන් නොදන්නා යමක්…

වේලාව… වේලාව…

මහා එපාකරපු ජීවිතයක් මේ කාලයේ මම ගෙනියන්නේ. ඒ නිසා ටිකක් බිසී ඔලුව කෙලින් තියාගෙන ලියන්න හිතෙන්නෙම නෑ. කොහොම වුනත් මේක මම පටන්ගත්තේ දිගටම කරගෙන යන්නනේ, නැතුව නවත්තන්න නෙමෙයිනේ. ඒක නිසා පසුගිය පාඩම කෙසේ වෙතත් නැවත වරක් අද සිට නැවතූ තැන සිට පටන්ගන්නයි හදන්නේ. වේලාව නම් කොමහරි හදාගන්න එපෑයෑ. ;)

ලිපියකින් හමු වෙමූ…

ජය වේවා…!!!

2010 පෙබරවාරි 21 Posted by | අමතර, වර්ගීකරණය නොකළ | ප්‍රතිචාරයක් ලබාදෙන්න

ගොඩකාලයකින් එන්නත් බැරි වුනා…

ඕං ඉතින් වැඩ ගොඩ ගැහිලා තියන අස්සේ මමත් මගේ පන්තියට ඔලුව දාලා යන්න හිතුවා… මොනවා වුනත් මේක අතාරින්න පුළුවන්ද. පංතියේ වැඩ මේ දවස් වල වැඩක් කෙරෙන්නෙම නෑ මොකද ස්පෝර්ට්ස් මීට්නේ. හි…හි…

හරි හරි වැඩට බහිමූ…

දැන් නම් සේරම අයට මෘදුකාංඟයි, දෘඩාංඟයි ගැන හොද වැටහීමක් ඇති. මොකද මම මේ ගැන දැන් කාලයක් තිස්සේ කියවනවානේ. ඒ නිසා මම අද ඇත්තටම කොහොමද මේ මෘදුකාංඟ හා දෘඩාංඟ එකට බැදිලා වැඩ කරන්නේ කියලා කියලා දෙන්න හිතුවා.
මෘදුකාංයක් හදලා තියෙන්නේ පරිඟණක භාෂා ගැන මනා දැනීමක් හා වැටහීමක් ඇති පුද්ගලයෙක්, පුද්ගලයන් රාශියක් හෝ සමාගමක් එකතුවීමෙන්. මේවා නිර්මාණයට c++, Pascal, BASIC(Windows නිර්මාණයට පාදක වූ භාෂාව)… ආදී නොයෙක් විදි නම් වලින් හදුන්වන භාෂා, විවිද සංකේත හා ගණිත උපක්‍රම යොදා ගනී. මෙලෙස පුද්ගලයෙක් හෝ කිහිප දෙනෙක් එකතු වී වෙන වෙනම ක්‍රමලේඛණ කර(Programe) ඒවා එක් කොට සම්පූර්ණ වූ වැඩසටහනක් සාදනු ලබයි.(කිසිම දිනක කිසිම අයෙක් සර්ව සම්පූර්ණ වැඩසටහනක් මාගේ දැනුම මත පළමු වරම එළි දක්වා නැත.) මේවා කලින් කලට අලුත් වී නව මුහුණුවරකින් නිතරම සමන්විත වී පැමිනෙයි.
දෘඩාංඟ නම් ගොඩාක් වේලාවන්ට තනි පුද්ගලයෙක්ට වඩා මහා පරිමාණයෙන් සමාගම් මඟින් කර්මාන්තශාලා තුළ නිපදවයි. මෙම දෘඩාංඟ සදහා කිසිම මෘදුකාංඟයක් මුල් අවදියේ නිර්මාණය වූයේ නැත. නමුත් දැන් දැන් මෘදුකාංඟ වල දියුනුවත් සමග එම ආයතනය විසින්ම හෝ එම ආයතනයේ බලයලත් මෘදුකාංඟ නිෂ්පාධිතයෙක් විසින් එම දෘඩාංඟ අදාල අනෙක් මෘදුකාංඟ සමග ගැටලුවකින් තොරව ක්‍රියාත්මක වීමට අවශ්‍ය දත්ත අඩංගු කොට මෘදුකාංඟ නිර්මාණය කරයි.
දෘඩාංඟ හා මෘදුකාංඟ නියමිත ආකාරයෙන් පවත්වාගෙන යන්නේ මෙම දෘඩාංඟ සමග දැන් දැන් ලබා දෙන මෘදුකාංගයි. මෙම දෘඩාංඟ වල මෘදුකංඟ හා අනෙකුත් ප්‍රධාන මෘදුකාංඟ නිතරම සංඥා නිකුත් කර ගනිමින් ගැටලුවකින් තොරව ක්‍රියාත්මක කිරීමට පටන් ගනී. මෙය හරියට අපි යම් දෙයක් කිරීමට ප්‍රථමව සිතින් සිතා ඒ දේ(සිතුවිලි) සංඥා බවට පරිවර්තනය කර කාර්යයක් සිදුකරගන්නා ආකාරයටයි. උදා: කෑම ගැනීමට එම ආහාරය අතින් අල්ලා මුඛය අසලට ගෙන ආයුතු බව. මෙලෙස මෙම මෘදුකාංඟ නිසි ලෙස සිදුකරන සංඥා බෙදා හැරීමේ ප්‍රතිලයක් වශයෙන් තමයි අපි පරිඟණකය සමඟ අසීරුවකින් තොරව කටයුතු කරන්නේ…

2010 ජනවාරි 14 Posted by | අමතර, පරිඟණක තොරතුරු හා E නිව්ස්, පරිඟණක ඳෘඬාංඟ, පරිඟණක මෘඳුකාංඟ, පාඩම් මාලා, වර්ගීකරණය නොකළ | , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

මෘදුකාංඟ හදුන්වා දීම…

හොදයි.. අද ආයිත් දින දෙක තුනකට පස්සේ අලුත් අවුරුද්දේ පළමු දවසේම ලිපියක් ලියන්න වේලාවකුයි හැකියාවකුයි ලැබුනා. ඕං ඉතින් හා හා පුරා කියලා ලැබූවා වූ අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාඟ්‍ය සපිරි සොමි බර වසරක් වේවායි කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද පාඩම ලෙස මම තෝරාගත්තේ මොනාද මේ සොෆ්ට්වෙයාර් එහෙම නැත්නම් මෘඳුකාංඟ කියන්නේ කියලා කියලා දෙන්නයි.

මුලින්ම අපි බලමු මෘදුකාංඟ කියන්නේ මොනවද කියලා…

මෘදුකාංඟ, මේවා තමයි නිකන්ම යකඩ හා ප්ලාස්ටික්(වීදුරුත් තියනවා) වලින් සෑදී තිබෙන ඔබගේ සාමාන්‍ය පරිඟණකය හසුරුවන විදිය කියලා දීලා නියමිත පාරේ ගෙනියන නියමුවා. එහෙම නැත්නම් පරිඟණකය සමාන්‍ය මිනිසෙක්ට කිසි වැදගම්මක නැති යකඩ ගොඩක් වෙනවා. මේ යකඩ ගොඩ(පරිඟණකය) මෙච්චර ලස්සන වර්ණවත් රූප රාමූ අපිට බලන්න සලස්වන්නේ, අපි මේ විදියට තවත් තැනක සිටින පුද්ගයෙක්ට වචන හුවමාරු කරගන්නේ, අපි මේ ඇතුලත් කරන සංඥා අපිට තේරෙන අකුරු බවට පත්කරන්නෙත් මේ මෘදුකාංඟයි.

එතකොට අපිට දැන් මෘදුකාංඟ ගැන පොඩි වැටහීමක් එන්න ඇති. මෙම මෘදුකාංඟ සංකීර්ණ හා සරලව යන්ත්‍රවලට තේරෙන භාෂාවකින් ලියා, එම භාෂාවෙන්ම අපිටත් මෙලෙස ලස්සනට පෙනෙන්නට හා විදාන ලබා දෙන්නට පුළුවන් වෙන විදියට සකසලා තමයි මෙම මෘදුකාංඟ දැන් දැන් වෙළදපොලට එන්නේ. මේ විදියට එන මෘදුකාංඟ කිහිපයක් කිව්වනම් ඕගොල්ලන්ට  හොදටම තේරෙයි. මයික්‍රෝසොෆ්ට් ආයතනය එළි දක්වන වින්ඩෝස්, ඔෆිස් හා ක්‍රීඩා CD’s/DVD’s මෙන්න මේ මෘදුකාංඟ ඝණයටයි වැටෙන්නේ. එතකොට නොමිලේ ලබා දෙන Open Office, Linux හා වෙනත් ක්‍රීඩා CD’s/DVD’s වැනි දෑත් මේ ඝණයට තමයි අයත් වෙන්නේ.

මෘදුකාංඟ ප්‍රධාන වර්ඟ දෙකයි..

අපි ඉහතින් කථා කරපු මෘදුකාංඟ වලත් ප්‍රභේද කිහිපයක් තියනවා. ඒ තමයි Operating System Software(OS/ පාලන පද්ධති මෘදුකාංඟ) හා Application Software(යෙදුම් මෘදුකාංඟ). මේවා වෙන් වෙන් වශයෙන් හදුනා ගමු.

OS…

පරිඟණකය ආරම්භයේ සිට පරිඟණකය ක්‍රියා විරහිත වන තුරා පරිඟණකය ක්‍රියාත්මක කරන්නේ මෙම මෘදුකාංඟ කොට්ටාසයයි. මෙම මෘදුකාංඟ මගින් පරිඟණකය සම්පූර්ණයෙන්ම හසුරුවා අපේ විදාන හා ඕනෑ එපාකම් වලට නතු කරවා දෙන්නේ මෙම පාලක පද්ධති මෘදුකාංඟයි. මෙම මෘදුකාංඟ සෑම පරිඟණකයක්ම ක්‍රියාත්මක කිරීමට යොදා ගනු ලැබේ. මෙම මෘදුකාංඟ නොමැතිව පරිඟණකය තුළ වැඩ කිරීම ඉතා අසීරූ කටයුත්තක් වනු ඇත.

මෙම මෘදුකාංඟ සදහා උදාහරණ කිහිපයක් මෙන්න, Microsoft Windows, Unix, Linux, Ubuntu, Mac OS යන්න ප්‍රධාන තරඟකාරී OS වර්ඟ කිහිපයකි.

Application Software …

එතකොට කවුරුත් බලයි මේ අනිත් වර්ගය මොනාටද කියලා. ඇත්තටම මම පුංචි කාලේ මට තිබිච්ච ලොකු ප්‍රශ්ණයක් තමයි මේ වර්ඟ දෙකේ වෙනස කොහොමද හොයන්නේ කියලා. ඒත් මට වැඩි කල යන්න ඉස්සර වෙලා ඉහත විස්තර කර ආකාරයට මම හොයා ගත්තා මේ දෙකේ වෙනස. OS වල විස්තරය හොදින් බැලුවා නම් ඔගොල්ලන්ට පෙනෙයි මම ඒක හදුන්වා දී තිබෙන විදිය. ඒත් මේක මම හදුන්වා දෙන්නේ මෙන්න මේ විදියට, අපිට අවශ්‍ය කරණ කාරණාවක් ඉෂ්ඨ කර ගැනීමට පරිඟණකය ක්‍රියාත්මක වෙන මොහොතේදී අපට ප්‍රයෝජනවත් වෙන නව මෘදුකාංඟ මේ ඝණයට අයත් වෙයි. දැන් තේරෙන්න ඇති මෙම යෙදුම් මෘදුකාංඟ ක්‍රියාත්මක කරන්න නම් අපිට අපේ පරිඟණකය හොද හැටියට ක්‍රියාත්මක වෙන්නත්, ඒ වගේම පරිඟණකයේ බොත්තම් කිහිපයක් ඔබා නැවත නව වැඩසටහනක් ආරම්භ කළ ය්තු වෙනවා. මෙන්න මේවා වලින් තමයි අපි ගෝඩාක් වේලාවට වැඩ ගන්නේ.

උදාහරණයක් දුන්නොත්; Microsoft Office, Open Office, Adobe Photoshop ආදිය.

මම හිතනවා පාඩම ටිකක් දිග උනාට කට්ටියටම මෘදුකාංඟ ගැන හොද දැනීමක් එන්න ඇති කියලා. එහෙනම් අලුත් පාඩමකින් ආයිත් දවසක හමු වෙමු. එතෙක් ජය වේවා…!!

2010 ජනවාරි 3 Posted by | අමතර, පරිඟණක මෘඳුකාංඟ, පාඩම් මාලා | ප්‍රතිචාරයක් ලබාදෙන්න

මයික්‍රෝසොෆ්ට් ඔෆිස් 2010

Logo_MicrosoftOffice_2010

ඉදලා හිටලා හරි ලිපියක් ලියන්න බැරි වුනොත් මේ අඩවිය කරගෙන යන එකෙනුත් වැඩක් නැති වෙනවා. ඕං ඉතින් ඒ නිසාම මම අලුත්ම ආරංචියක් අරගෙනයි ආවේ ඒ තමයි මයික්‍රොසොෆ්ට් සමාගමේ අලුත්ම කාර්යාලීය මෘදුකාංගය එහෙම නැත්නම් කවුරුත් දන්න විදියට මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2010 බීටා(අත්හදා බැලීමේ) සංස්කරණය දැන් නිකුත් වෙලා තියනවා. මේක නිකුත් වෙලා නම් ටිකක් කල් ඒත් මේක ලිපියක් හැටියට මම ඉදිරිපත් කලේ නැත්තේ මම ම මෙම මෘදුකාංඟයේ ගුණ හෝ අඟුණ ගැන ටිකක් දැන ගන්න කම්. කෝමහරි මේ මෘදුකාංඟය මට දැන් බාගත කරගන්න හම්බ වුනා. ඒ මයික්‍රෝසොෆ්ට් අඩවියෙන්මයි. ඒ සදහා සහයෝගයක් වෙනා විදියට මම ඕගොල්ලන්ට කියන්නම් කෝ ඒකට අවශ්‍ය සබැදුම මොකක්ද කියලා මෙන්න මෙතනින් Office Package එක ඕන අයට බාගත කරගන්න පුළුවන් : http://us1.office2010beta.microsoft.com/default.aspx. බය වෙන්න එපා සල්ලි වලට නෙමෙයි නිකන්, හැබැයි මේක තාම අත්හදා බැලීමේ සංස්කරණයක් කියලා නම් අමතක කරන්න එපා.

හොදයි දැන් බලමු කොහොනද මේක සමග වැඩ කරන්නේ කියලා. Microsoft Office 2007 සමඟ වැඩ කරන්න දන්න කෙනෙක්ට නම් මේක බැලූ බැල්මටම ලොකු වෙනසක් දකින්න හම්බ වෙන එකක් නෑ. හැබැයි මෙම මෘදුකාංඟය වින්ඩෝස් පරිසරය තුළ ආරම්භ වීමේ වේගය ඔෆිස් 2007 වලට වඩා වැඩී කියලා නම් මට හොදින්ම තේරුණා.

Word 2010 Image

මෙහි අන්තර්ගත කරලා තියනවා

  • Word
  • excel Excel
  • powerpoint PowerPoint
  • outlook Outlook
  • onenote OneNote

යන ප්‍රධාන කාර්යාලීය මෘදුකාංඟ හා තවත් උප මෘදුකාංඟ කිහිපයක්.

දැන් අපි බලමු මෙම කාර්යලීය මෘදුකාංඟය ස්ථාපණය කරගන්න අවශ්‍ය සුදුසුකම් මොනවාද කියලා.

Processor(කසනය) :

500(MHz) සකසනයක් හෝ ඊට ඉහල සකසනයක්.

Memory(මතකය\RAM) :

256(MB) RAM ධාරිතාවක් හෝ ඊට වැඩි ධාරිතාවක්.

Hard Disk(දෘඩ තැටිය) :

2(GB) හෝ ඊට වැඩි ධාරිතාවක්

Display(තිරය) :

1024×768 හෝ ඊට වැඩි විභේදනයක්.

Operating System(මෙහෙයුම් පද්ධතිය) :

Windows XP with Service Pack (SP) 3 (32-bit operating system (OS) only) or Windows Vista with SP1, Windows 7, Windows Server 2003 R2 with MSXML 6.0, Windows Server 2008, or later 32- or 64-bit OS.

(ඉහත සදහන් මෙහෙයුම් පද්ධතියක් අවශ්‍ය වෙයි)

මේ ගැන වැඩි තොරතුරු දැන ගන්න නම් http://www.microsoft.com/office/2010/en/default.aspx යන නිළ අඩවියෙන් පුළුවනි.

2009 දෙසැම්බර් 29 Posted by | අමතර, ඕපා - දූප, පරිඟණක තොරතුරු හා E නිව්ස්, පරිඟණක මෘඳුකාංඟ | , , , , , , , , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

සමාවෙන්න…

නත්තලෙන් පස්සේ අලුත් අවුරුද්දට ලෑස්ති වෙන අපේ කට්ටියට අයිමත් මුල සිට සරලව හැකි පමණින් පාඩම් මාලා පටන් ගන්නටයි මේ ලක ලැහැස්තිය. පරිඟණකයේ අලුත් තොරතුරු රාශියක් මෙම 2010 වසරේ බලා පොරොත්තු වෙන බව නම් මම හිතන්නේ කාටවත් රහසක් වෙන්න බෑ. කෙසේ හෝ අලුත් තොරතුරු ටිකක් කථා කරන එක පැත්තකට තියලා මම කියන්නම් මේ ලිපිය ලියන්න වුන හෙතුව, මෙම ලිපිය ලියන දින සිට ජනවාරි පළමු සතිය වෙන තුරු මෙහි ප්‍රධාන තනතුර මෙහෙයවන මට(ලොකු සර්) වැඩ අධික වන බැවින් ඉතා සුළු කාලයකට දින දෙක තුනකට එක් ලිපියක් පළ කරන්න මම හිතුවා..

මෙම ලිපි පළ වීම හෙට හෝ අනිද්දා සිට පළ කිරීමට මම කටයුතු යොදවා ඇත… එම ලිපි ඔබ සියළු දෙනා රසවිදී කියලා හිතනවා. : :D

2009 දෙසැම්බර් 26 Posted by | වර්ගීකරණය නොකළ | ප්‍රතිචාරයක් ලබාදෙන්න

සුභම සුභ නත්තලක් වේවා සියළුම දෙනාට….

අද මේ ලිපිය ලියන්නේ පාඩමක් ගැන කියන්න නම් නෙමෙයි, අද දින නත්තල සමරන හා නත්තල එනුවෙන් බලා සිටපු සියළුම දෙනා වෙනුවෙන් සුභ පතන්න තමයි මෙම ලිපිය ලියවෙන්නේ…

ලැබුවාවූ නත්තල සාමය සතුට පිරි නත්තලක් වේවා…!!!

නත්තල් උදාව

2009 දෙසැම්බර් 25 Posted by | වර්ගීකරණය නොකළ | , , , , , , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

පරිඟණකයේ සැකසුම් ඒකකය (CPU)

හොදයිදැන් ඔබ පරිඟණකයේ භෞතික ස්භාවය දැක ගන්නත් ගැන සුළු සුළු විස්තරත් දැන ගන්න ලැබෙන්න ඇති කියලා හිතෙනවා. දැන් අපි පරිඟණකයේ ප්‍රධානම කොටස වන මධ්‍යම සැකසුම් ඒකකය(CPU) ගැන ටිකක් සලකා බලමුපරිඟණකයේ ප්‍රධානම කොටස කීවාම දන්න නොදන්න හැමෝම බලයිඇයි අනිත් ඒවා කිසි වැදගත් කමක් නැද්ද?” කියලා ඒකට උත්තරය තමයි, නෑ පරිඟණකයේ සියළුම කොටස් එකිනෙකට සෑහෙන්න ඕන කරනවාහැබැයි මේ එකකින්වත් පරිඟණකය කියන එක සම්පූර්ණ කරන්න බෑ මෙන්න මේ CPU එක එහෙම නැත්නම් මධ්‍යම සැකසුම් ඒකක හැම එකක්ම එකිනෙකට සම්බන්ධළෙ නැත්නම්අන්න ඒකයි මේක එතරම් වැදගත් කීව්වේ. CPU (මධ්‍යම සැකසුම් ඒකකය) තුළ මුළු පද්දථියම පාලනය කරන සියළුම උපාංග අන්තර්ගත කර ඇත. මෙහි ඇතුලත

  1. Mother Board (මව් පුවරුව)
  2. RAM (Random Access Memory/තාවකාලික පිවිසුම් මතකය)
  3. Processor (සකසනය)ආදී දෑ අන්තර්ගත කර ඇත.මෙහි ඉහල සදහන් එක් එක් උපාංග වෙනමම පාඩමකින් සලකා බලමු.

මෙවැනි අකාරයේ ඉතා වැදගත් භෞතික වස්තුවක් වන මෙය පරිඟණකයේ තුළ හා තුළින් සිදුකරනු ලබන කාර්යන් පාලනය කරමින් ගුණාත්මක සේවයක් සපයයි. මෙහි අන්තර්ගත අනිකුත් ප්‍රධාන කොටස් ඉදිරියේදී අපි හදුන්වා දෙන්නෙමු. එවිට මෙම CPU   එකේ මුලීක කාරභාරය හොදින් වැටහෙනු ලැබේ.

2009 දෙසැම්බර් 23 Posted by | ඉල්ලීම හා ලබාදීම්, පරිඟණක ඳෘඬාංඟ, පාඩම් මාලා, වර්ගීකරණය නොකළ | , , , , , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

මේල් සේවාව සක්‍රීය කිරීමට අපට පුලුවන් කමක් ඇත.

හොදයි, මම අද පාඩමක් ඉදිරිපත් කරනවා වෙනුවට අලුත් දෙයක් හදුන්වා දෙන්න තීරණය කළා. ඒ තමයි අපේ මේල් සේවාව. මේ සදහා ඔබටත් ඉදිරිපත් විය හැක. නමුත් රහස්‍යභාවය හා නොයෙකුත් තවත් කාරණා හෙතුකොටගෙන මෙම මේල් සේවාව අපගේ කාර්ය මණ්ඩලයට හා විශ්වාසදායි සොයුරු සොහොයුරියන් අතරේ පමණක් ක්‍රියාත්මක කිරිමට මට සිදුවී ඇත. මේ ගැන වැඩි කථා බහා වුවමණා නෑ කියලා හිතනවා.

හොදයි මම කියන්නම් මෙම මේල් සේවාව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මෙම මේල් සේවාව ගූගල්(Google) සමාගමේ නිදහස් මේල් සේවාවක් වන අතර, මේ සදහා අපගේ නිදහස් ඩොමේන් නාමය යොදාගනු ලබනවා. උදාහරණයක් ලෙස : sysinfo@eigenumalk.co.cc අකාරයෙන්. ඉදිරියේදී නවතම තොරතුරු සමග හම්බුවෙමු..

ගූගල් ලොව හැම තැනම...

ගූගල් මුද්‍රිතය

2009 දෙසැම්බර් 22 Posted by | අමතර, ඉල්ලීම හා ලබාදීම්, ඕපා - දූප, පරිඟණක තොරතුරු හා E නිව්ස්, වර්ගීකරණය නොකළ | , , , , , , , , , , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

මුල්ම පාඩම යලිත් …

පරිඟණකයේ ප්‍රධාන කොටස්


අපි අපේ මුල්ම පාඩම වශයෙන් පරිඟණකයේ කොටස් කිහිපයක්(හැබැයි වැදගත්
යැයි කියලා හිතෙන් කොටස් කිහිපයක් ගැන විතරයි) ගැන සොයා බලමු. මොකද
මුලින්ම අපිත් එක්ක වැඩ කරන යකාගේ තරම දැන ගෙන හිටියොත්නේ අපිට හරියට
ගහන්න ඕන පදය දැනගන්න පුලුවන් වෙන්නේ.
පරිඟණකයේ ප්‍රධාන කොටස් කිහිපයක් තියනවා (හරියට අපේ අත් පා නාසය වඟේ තමයි.).
1. CPU (central processing unit/
මධ්‍යම සැකසුම් ඒකකය);
2.
පරිඟණක තිරය (monitor);
3.
මූසිකය (mouse);
4.
යතුරූ ලියනය (Keyboard);
5.
ශබ්ද යන්ත්‍ර (speakers);

මේවා
තමයි අපි හැමෝටම පරිඟණකයක් කිව්ව ගමන් මතකයට එන්නේ. ඇත්තටම මේ තමයි
පරිඟණකයේ ප්‍රධාන අංගයන්, ඒත් මේවාට අමතරව පරිඟණක ක්‍රියාත්මක වීම සදහා CPU එහෙම නැත්නම් මධ්‍යම සැකසුම් ඒකකයේ ඇතුලත ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක(ඔබගේ
පරිඟණක මේසයේ කුඩා කොටසක තැබිය හැකි) ඔබගේ මුළු පරිඟණකයම පාලනය කළ හැකි
කොටස්(හරියටම අපේ මොලේ වගේ තමයි) අන්තර්ගත කර ඇත.

හොදයි අපි දැන් බලමු එක එක කොටස් ගැන;
1. CPU-
මධ්‍යම සැකසුම් ඒකකය.:
මෙය බැලු බැල්මටම සාමාන්‍ය පෙට්ටියක් ලෙස පෙනුනත්, පරිඟණකයේ සියලුම පාලන කටයුතු මෙය ඔස්සේ තමයි සිදුවෙන්නේ(අපේ මොලය වගේ තමයි).

2. Monitor- පරිඟණක තිරය. :
මෙය හරියට අපේ රූපවාහිනී තිරය වගේ, මෙය නොමැතිනම් පරිඟණකයෙන් සිදුකරන වැඩ එම මොහොතේදීම බලා ගැනීම අසීරු වෙනවා.

3. Mouse- මූසිකය. :
මෙය හරියට අපේ ඇඟිලි තුඩු වගේ ක්‍රියාත්මක් වෙන්නේ. මෙයින් අපට පරිඟණක
තිරයේ පෙන්වන දත්තයන්ගෙන් කෙලින්ම අවශ්‍ය කරන දත්තයට යා හැකි අතර, අවශ්‍ය
දත්තය තෝරා-බේරා ගැනීමටත් උද්ව් වෙනවා.

4. KeyBoard- යතුරු ලියනය. :
දැන් හැමෝම ද්න්නවා ඇති මේක මොනාටද තියෙන්නේ කියලා සහා මේ මොකක්ද කියලා.
ඇත්තටම මේක අපි පාවිච්චි කරන වචන වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. පරිඟණකයට
අවශ්‍ය කරන කාර්යය ඇතුල් කිරීමට අපි මෙය යොදා ගන්නවා.

මම හිතන්නේ දැන් පරිඟණකය ගැන හැමෝම හොදින් දැන ගන්න ඇති.

2009 දෙසැම්බර් 21 Posted by | අමතර, ඉල්ලීම හා ලබාදීම්, ඕපා - දූප, පරිඟණක තොරතුරු හා E නිව්ස්, පරිඟණක ඳෘඬාංඟ, පරිඟණක මෘඳුකාංඟ, පාඩම් මාලා, වර්ගීකරණය නොකළ | , , , , , , , , , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

පමා වී හෝ නැවත පැමිණීම…

ගොඩ කාලයකට පස්සේ ආයිමත් අවස්ථාවක් හම්බවුනා මගේ බ්ලොග් අඩවියේ පළ කිරීමකට. සමහරු බලයි මොකද මේ ගොඩකාලයකින් කියලා, මොකද කීවොත් මට මගේ පරිඟණකය හම්බවුනේ පේරේදා(11). ඒක මට මාසයකට ආසන්න කාලයක් හදන්න දීලා තිබ්බේ. මොනා කරන්නද ලංකාවේ පරිඟණක බෙදාහරින්නන්ගේ කාර්‍යක්ෂමතාවය කොච්චරක්ද කියනවානම් රැම් 1ක විතරක් මාරු කරන්න මාසයකට ආසන්න කාලයක් ගියා. ඔන්න ඉතින් ආයිමත් මගේ වැඩ පටන් ගන්න යන්නේ අද ඉදලා මුල ඉදන්ම.

තව නව ලිපි ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි. එතකම් සුභ ජීවිතයක්.

2009 දෙසැම්බර් 13 Posted by | වර්ගීකරණය නොකළ | , , , , , , , , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

Follow

Get every new post delivered to your Inbox.