නීතී-රීතී.
මෙය E ඉගෙනුම LK නිල බ්ලොග් අඩවිය(https://eigenumalk.wordpress.com) හා නිළ නිදහස් ධාරකයෙක් හා සම්බන්ධ වෙමින් පවත්වාගෙන යන නිළ අඩවිය(http://eigenumalk.jlkfree.com) හා සම්බන්ධ නීතී, රීතී, රෙගුලාසී හා අයිතීන් අත්හැරීම් සම්බන්ධ පළ කිරීමකී.
මෙම අඩවිය හෝ අඩවවීන්(https://eigenumalk.wordpress.com , http://eigenumalk.jlkfree.com) පවත්වාගෙන යන හෝ මෙම අඩවිය සමඟ සෘජුව හෝ වක්‍රව කිසියම් අකාරයකින් මෙම අඩවියේ පළ කිරීමක්(පාඩමක්, මෘදුකාංඟයක් හෝ වෙනත් ඕනෑම අංගයක් හෝ වැඩි ගණනක්) හේතු කොට ගෙන ඇතිවන්නාවු ගැටලු, හානී හෝ වෙනයම් ආකාරයේ (භෞතික හෝ භෞතික නොවන) හානියක් සම්බන්ධයෙන් මෙම අඩවියේ හිමිකරු හෝ කතෘ මණ්ඩලය, සර්වරයේ හිමිකරු හෝ සේවකයන් කිසිදු අයුරකින් වගකීමක් දරනු නොලැබේ.
පාඨක නීතී, රෙගුලාසී හා අයිතීන් :
මෙම අඩවිය හෝ අඩවීන්(https://eigenumalk.wordpress.com , http://eigenumalk.jlkfree.com) හරහා පළවන ඕනෑම ආකාරයේ ලිපියක් හෝ මෘදුකාංඟයක් නොමිලේ ලබා දීමට මෙම අඩවියේ පරිපාලනය විසින් ගත හැකි සෑම උත්සහායක්ම ගනු ලැබේ. නමුත් මොනයම් හේතුවක් හෝ නිසා මෙම අඩවිය හරහා පළවන මෘදුකාංඟ හෝ වෙනයම් පාඩමක් හෝ වැඩි ගණනක් සදහා කිසියම් මිළක් එහි නිෂ්පාධකයා හෝ බෙදාහරින්නා විසින් නියම කරණු ලැබූවහොත් ඒ සදහා මුදලක් ගෙවීමට ඔබ බැදී සිටිය යුතුය. එසේ කළ නොහැකිනම් එම මෘදුකාංඟය හෝ පාඩමක් හෝ වැඩි ගණනක් වංචනික ලෙස හෝ හොර රහසේ භාවිතා කිරීම නොකළ යුතුයි. එය වංචනික ලෙස යොදා ගැනීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බව මෙයින් දන්වමි.
සියළුම පාඨකයනට මෙහි පළවන ලිපි කිසිදු මුදලක් නොගෙවා පරිහරණය කළ හැකි අතර මෙහි පළවන ලිපි හෝ මෘදුකාංඟ එහි මුල් පළකරන්නා හෝ එහි බෙදාහරින්නාගේ අවසරයක් නොමැතිව උපුටා ගැනීම බෙදා හැරීම හෝ විකීනීම තහනම් වේ.
මෙහි පළවන ලිපි හා මෘදුකාංඟ සදහා පූර්ණ නිදහසක් කතෘ මණ්ඩලයට ලබා දී ඇති හෙයින් මෙහි පළවන ලිපි 100% සාර්ථක පළ කිරීමක්, නිවැරදී හෝ නියමිත ප්‍රමීතීන්ට අනූකූල හෝ නොවිය හැක. මේ හේතුව මත මෙහි පළවන ලිපි කියවා එය තේරුම් ගෙන එම ලිපි අනුගමනය කළ යුතු අතර මෙම ලිපි හෝ මෘදුකාංඟ මඟින් සිදුවන හානියකට හෝ අපහසුතාවයකට මෙම ලිපියේ කතෘ, කතෘමණ්ඩලය හෝ අඩවියේ කළමණාකරු/හිමිකරු කිසිදු වගකීමක් භාරගනු නොලැබේ. මෙහි පළවන ලිපි හෝ මෘදුකාංඟ සදහා අත්හදා බැලීම, භාවිතා කිරීම හේතු කොටගෙන ඇතිවන්නාවූ ගැටලු හෝ වෙනයම් දෙයක්(භෞතික හෝ භෞතික නොවන) එම ලිපිය හෝ මෘදුකාංඟය භාවිතා කරන්නා විසින් පුද්ගලිකව විද-දරා ගත යුතුයි. නමුත් ඔබට ඇතිවන්නා වූ ගැටලු සදහා මානූෂීය හැගීමකින් යුතුව පිළිතුරු හැකි පමණින් ලබා දීම සදහා කටයුතු යොදා ඇත, ඒ සදහා මෙම අඩවියේදීම එම ලිපියට අදාලව අදහස් දැක්වීමේ තීරුවෙන් ඔබේ ගැටලුව පළ කිරීම හෝ quizans@eigenumalk.co.cc වෙත විස්ථරාත්මක ලිපියක් එවීම මඟින් එය නිරාකරණය කිරීම සදහා අපට හැකි පමණින් උදව් කීරීමට මෙහි පරිපාලනය හා කතෘ මණ්ඩලය බැදී සිටී.
කතෘවරුන් හා අනෙකුත් පළකරන්නන් සදහා නීතී, රෙගුලාසී හා අයිතීන් :
මෙම අඩවිය හෝ අඩවීන්(https://eigenumalk.wordpress.com , http://eigenumalk.jlkfree.com) හරහා පළවන ඕනෑම ආකාරයේ ලිපියක් හෝ මෘදුකාංඟයක් නොමිලේ ලබා දීමට මෙම අඩවියේ පරිපාලනය විසින් ගත හැකි සෑම උත්සහායක්ම ගනු ලැබේ. නමුත් මොනයම් හේතුවක් හෝ නිසා මෙම අඩවිය හරහා පළවන මෘදුකාංඟ හෝ වෙනයම් පාඩමක් හෝ වැඩි ගණනක් සදහා කිසියම් මිළක් එහි නිෂ්පාධකයා හෝ බෙදාහරින්නා විසින් නියම කරණු ලැබූවහොත් ඒ සදහා මුදලක් ගෙවීමට ඔබ බැදී සිටිය යුතුය. එසේ කළ නොහැකිනම් එම මෘදුකාංඟය හෝ පාඩමක් හෝ වැඩි ගණනක් වංචනික ලෙස හෝ හොර රහසේ භාවිතා කිරීම නොකළ යුතුයි. එය වංචනික ලෙස යොදා ගැනීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බව මෙයින් දන්වමි.
සියළුම පාඨකයනට හා කතෘවරුනට මෙහි පළවන ලිපි කිසිදු මුදලක් නොගෙවා පරිහරණය කළ හැකි අතර මෙහි පළවන ලිපි හෝ මෘදුකාංඟ එහි මුල් පළකරන්නා හෝ එහි බෙදාහරින්නාගේ අවසරයක් නොමැතිව උපුටා ගැනීම බෙදා හැරීම හෝ විකීනීම තහනම් වේ. යම් හෙයකින් ඔබ පළ කරන්නේ වෙනයම් කෙනෙකුගේ හෝ වෙන යම් පළකිරීමකින් උපුටා ගැනීමක් නම් එහි මුල් අයිතිකරුගේ අවසරය ලබා සිටිය යුතු අතර (කළගුණ සැලකීමක් වශයෙන් එහි මුල් පළකරන්නා ලිපියෙහි පළ කිරීමටද අමතක කරන්න එපා) එසේ නොමැතිව පළ කරන ලිපි හේතුවෙන් කතෘට හෝ වෙනයම් පාර්ශවයකට ඇතිවන ගැටලු සම්බන්ධයෙන් මෙම අඩ්වියේ හෝ අඩ්වීන් වල(https://eigenumalk.wordpress.com , http://eigenumalk.jlkfree.com) හිමිකරු හෝ එම පළ කිරිමට අදාල නොවන වෙනත් කිසිම කතෘවරයෙක් වගකීමක් භාර ගනු නොලබන අතර, ඒ සදහා සම්පූර්ණ වගකීම (මෙම අඩවියේ පළ කල)එම ලිපියේ කතෘ හෝ කතෘන් බාරගත යුතු වෙයි.
මෙහි පළවන ලිපි හා මෘදුකාංඟ සදහා පූර්ණ නිදහසක් කතෘ මණ්ඩලයට ලබා දී ඇත. මේ හෙයින් මෙහි පළවන ලිපි තමන්ට හැකි පමණින් සාර්ථකව හා ඵලදායී ලෙස එළි දැක්වීම කිරීමට එම ලිපියේ කතෘ උත්සහා ගත යුතුයි. මෙහි පළවන ලිපි සාමාන්‍ය පාඨකයනට කියවා එය තේරුම් ගත හැකි ආකාරයෙන් සිංහල භාෂාවෙන් ලිවිය යුතු අතර එහිදී සුළු වශයෙන් ඉංග්‍රීසී හෝ වෙනත් භාෂාවක වචනද භාවිතා කළ හැක. මෙම ලිපියට අදාලව ලබාදෙන මෘදුකාංඟ හා වෙන ඕනෑම දෙයකට එහි කතෘ වගකීම භාරගත යුතු වන අතර මේ සදහා යම් හෙයකින් පාඨකයෙක් උදව්වක් හෝ පිළිතුරක් බලාපොරොත්තු වේ නම් මානූෂීය හැඟීමකින් යුතුව ඒ සදහා පිළිතුරු ලබා දීමට බැදී සිටිය යුතු වෙයි.
ඉහත සදහන් නීතී-රීතී, රෙගුලාසී හෝ වෙනයම් ඉල්ලීමක් හෝ අණ කිරීමක් සම්භන්ධයෙන් ඔබ එකඟ නොවේ නම් කරුණාකර මෙම අඩවිය භාවිතා කිරීමෙන් වැලකිය යුතුයි. එසේ නොමැතිව ඇතිවන්නා වූ ගැටලු සදහා මෙම අඩවිය වඟකීමක් භාර ගනු නොලැබේ.
ඉහත සදහන් නීතී-රීතී, රෙගුලාසී හෝ වෙනයම් ඉල්ලීමක් හෝ අණ කිරීම් කාලෙන් කාලෙට වෙනස් විය හැකි බැවින් මෙම නීතී-රීතී, රෙගුලාසී හෝ වෙනයම් ඉල්ලීමක් හෝ අණ කිරීම් සම්භන්ධයෙන් නිතර නිතර පැමිණ එකඟ විය යුතුයි. එසේ නොමැතිව ඇතිවන්නා වූ ගැටලු සදහා මෙම අඩවිය වඟකීමක් භාර ගනු නොලැබේ.
මෙම අඩවිය හුදෙක් මහජන හිත සුව පිණිස පවත්වාගෙන යනු ලබයි. මෙම අඩවිය කිසිදු මුදලක් හෝ ඒ සදහා කිසිදු ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු නොවෙයි. මේ නිසා මෙයින් ලාබ ලබන්නට මෙහි කතෘ මණ්ඩලය, පාඨකයින් හෝ වෙනත් කිසිම පාර්ශවයක් උත්සහා නොගත යුතුයි.
මෙම අඩවිය මොනයම් ආකාරයකින් හෝ භාවිතා කරන්නන් ඉහත සදහන් නීතී-රීතී, රෙගුලාසී හෝ වෙනයම් ඉල්ලීමක් හෝ අණ කිරීම් මෙම අඩවියේ ලිපි හෝ මෘදුකාංඟ ප්‍රයෝජනයට ගන්නාතාක් වලංඟු වෙයි. මෙම අඩවිය පෙර සදහන් ආකාරයේ ප්‍රයෝජන ලබන්නා හෝ ප්‍රයෝජන ලබන්නට බලාපොරොත්තු වෙන්නා ඉහත සදහන් නීතී-රීතී, රෙගුලාසී හෝ වෙනයම් ඉල්ලීමක් හෝ අණ කිරීම් වලට එකඟ වි යුතුයි. එසේ එකඟ විය නොහැකි නම් එම පරිශීලකයා මෙම අඩවියෙන් වහාම ඉවත් විය යුතු වෙයි.

