මයික්‍රෝසොෆ්ට් ඔෆිස් 2010
ඉදලා හිටලා හරි ලිපියක් ලියන්න බැරි වුනොත් මේ අඩවිය කරගෙන යන එකෙනුත් වැඩක් නැති වෙනවා. ඕං ඉතින් ඒ නිසාම මම අලුත්ම ආරංචියක් අරගෙනයි ආවේ ඒ තමයි මයික්‍රොසොෆ්ට් සමාගමේ අලුත්ම කාර්යාලීය මෘදුකාංගය එහෙම නැත්නම් කවුරුත් දන්න විදියට මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2010 බීටා(අත්හදා බැලීමේ) සංස්කරණය දැන් නිකුත් වෙලා තියනවා. මේක නිකුත් වෙලා නම් ටිකක් කල් ඒත් මේක ලිපියක් හැටියට මම ඉදිරිපත් කලේ නැත්තේ මම ම මෙම මෘදුකාංඟයේ ගුණ හෝ අඟුණ ගැන ටිකක් දැන ගන්න කම්. කෝමහරි මේ මෘදුකාංඟය මට දැන් බාගත කරගන්න හම්බ වුනා. ඒ මයික්‍රෝසොෆ්ට් අඩවියෙන්මයි. ඒ සදහා සහයෝගයක් වෙනා විදියට මම ඕගොල්ලන්ට කියන්නම් කෝ ඒකට අවශ්‍ය සබැදුම මොකක්ද කියලා මෙන්න මෙතනින් Office Package එක ඕන අයට බාගත කරගන්න පුළුවන් : http://us1.office2010beta.microsoft.com/default.aspx. බය වෙන්න එපා සල්ලි වලට නෙමෙයි නිකන්, හැබැයි මේක තාම අත්හදා බැලීමේ සංස්කරණයක් කියලා නම් අමතක කරන්න එපා.
හොදයි දැන් බලමු කොහොනද මේක සමග වැඩ කරන්නේ කියලා. Microsoft Office 2007 සමඟ වැඩ කරන්න දන්න කෙනෙක්ට නම් මේක බැලූ බැල්මටම ලොකු වෙනසක් දකින්න හම්බ වෙන එකක් නෑ. හැබැයි මෙම මෘදුකාංඟය වින්ඩෝස් පරිසරය තුළ ආරම්භ වීමේ වේගය ඔෆිස් 2007 වලට වඩා වැඩී කියලා නම් මට හොදින්ම තේරුණා.
මෙහි අන්තර්ගත කරලා තියනවා
යන ප්‍රධාන කාර්යාලීය මෘදුකාංඟ හා තවත් උප මෘදුකාංඟ කිහිපයක්.
දැන් අපි බලමු මෙම කාර්යලීය මෘදුකාංඟය ස්ථාපණය කරගන්න අවශ්‍ය සුදුසුකම් මොනවාද කියලා.
Processor(සකසනය) :
500(MHz) සකසනයක් හෝ ඊට ඉහල සකසනයක්.
Memory(මතකය\RAM) :
256(MB) RAM ධාරිතාවක් හෝ ඊට වැඩි ධාරිතාවක්.
Hard Disk(දෘඩ තැටිය) :
2(GB) හෝ ඊට වැඩි ධාරිතාවක්
Display(තිරය) :
1024×768 හෝ ඊට වැඩි විභේදනයක්.
Operating System(මෙහෙයුම් පද්ධතිය) :
Windows XP with Service Pack (SP) 3 (32-bit operating system (OS) only) or Windows Vista with SP1, Windows 7, Windows Server 2003 R2 with MSXML 6.0, Windows Server 2008, or later 32- or 64-bit OS.
(ඉහත සදහන් මෙහෙයුම් පද්ධතියක් අවශ්‍ය වෙයි)
මේ ගැන වැඩි තොරතුරු දැන ගන්න නම් http://www.microsoft.com/office/2010/en/default.aspx යන නිළ අඩවියෙන් පුළුවනි.
සමාවෙන්න…
නත්තලෙන් පස්සේ අලුත් අවුරුද්දට ලෑස්ති වෙන අපේ කට්ටියට අයිමත් මුල සිට සරලව හැකි පමණින් පාඩම් මාලා පටන් ගන්නටයි මේ ලක ලැහැස්තිය. පරිඟණකයේ අලුත් තොරතුරු රාශියක් මෙම 2010 වසරේ බලා පොරොත්තු වෙන බව නම් මම හිතන්නේ කාටවත් රහසක් වෙන්න බෑ. කෙසේ හෝ අලුත් තොරතුරු ටිකක් කථා කරන එක පැත්තකට තියලා මම කියන්නම් මේ ලිපිය ලියන්න වුන හෙතුව, මෙම ලිපිය ලියන දින සිට ජනවාරි පළමු සතිය වෙන තුරු මෙහි ප්‍රධාන තනතුර මෙහෙයවන මට(ලොකු සර්) වැඩ අධික වන බැවින් ඉතා සුළු කාලයකට දින දෙක තුනකට එක් ලිපියක් පළ කරන්න මම හිතුවා..
මෙම ලිපි පළ වීම හෙට හෝ අනිද්දා සිට පළ කිරීමට මම කටයුතු යොදවා ඇත… එම ලිපි ඔබ සියළු දෙනා රසවිදී කියලා හිතනවා. :
සුභම සුභ නත්තලක් වේවා සියළුම දෙනාට….
අද මේ ලිපිය ලියන්නේ පාඩමක් ගැන කියන්න නම් නෙමෙයි, අද දින නත්තල සමරන හා නත්තල එනුවෙන් බලා සිටපු සියළුම දෙනා වෙනුවෙන් සුභ පතන්න තමයි මෙම ලිපිය ලියවෙන්නේ…
ලැබුවාවූ නත්තල සාමය සතුට පිරි නත්තලක් වේවා…!!!
පරිඟණකයේ සැකසුම් ඒකකය (CPU)
හොදයි… දැන් ඔබ පරිඟණකයේ භෞතික ස්භාවය දැක ගන්නත් ඒ ගැන සුළු සුළු විස්තරත් දැන ගන්න ලැබෙන්න ඇති කියලා හිතෙනවා. දැන් අපි පරිඟණකයේ ප්‍රධානම කොටස වන මධ්‍යම සැකසුම් ඒකකය(CPU) ගැන ටිකක් සලකා බලමු. පරිඟණකයේ ප්‍රධානම කොටස කීවාම දන්න නොදන්න හැමෝම බලයි “ඇයි අනිත් ඒවා කිසි වැදගත් කමක් නැද්ද?” කියලා ඒකට උත්තරය තමයි, නෑ පරිඟණකයේ සියළුම කොටස් එකිනෙකට සෑහෙන්න ඕන කරනවා. හැබැයි මේ එකකින්වත් පරිඟණකය කියන එක සම්පූර්ණ කරන්න බෑ මෙන්න මේ CPU එක එහෙම නැත්නම් මධ්‍යම සැකසුම් ඒකක ඒ හැම එකක්ම එකිනෙකට සම්බන්ධළෙ නැත්නම්. අන්න ඒකයි මේක එතරම් වැදගත් කීව්වේ. CPU (මධ්‍යම සැකසුම් ඒකකය) තුළ මුළු පද්දථියම පාලනය කරන සියළුම උපාංග අන්තර්ගත කර ඇත. මෙහි ඇතුලත
- Mother Board (මව් පුවරුව)
- RAM (Random Access Memory/තාවකාලික පිවිසුම් මතකය)
-
Processor (සකසනය)ආදී දෑ අන්තර්ගත කර ඇත.මෙහි ඉහල සදහන් එක් එක් උපාංග වෙනමම පාඩමකින් සලකා බලමු.
මෙවැනි අකාරයේ ඉතා වැදගත් භෞතික වස්තුවක් වන මෙය පරිඟණකයේ තුළ හා තුළින් සිදුකරනු ලබන කාර්යන් පාලනය කරමින් ගුණාත්මක සේවයක් සපයයි. මෙහි අන්තර්ගත අනිකුත් ප්‍රධාන කොටස් ඉදිරියේදී අපි හදුන්වා දෙන්නෙමු. එවිට මෙම CPU එකේ මුලීක කාරභාරය හොදින් වැටහෙනු ලැබේ.
මේල් සේවාව සක්‍රීය කිරීමට අපට පුලුවන් කමක් ඇත.
හොදයි, මම අද පාඩමක් ඉදිරිපත් කරනවා වෙනුවට අලුත් දෙයක් හදුන්වා දෙන්න තීරණය කළා. ඒ තමයි අපේ මේල් සේවාව. මේ සදහා ඔබටත් ඉදිරිපත් විය හැක. නමුත් රහස්‍යභාවය හා නොයෙකුත් තවත් කාරණා හෙතුකොටගෙන මෙම මේල් සේවාව අපගේ කාර්ය මණ්ඩලයට හා විශ්වාසදායි සොයුරු සොහොයුරියන් අතරේ පමණක් ක්‍රියාත්මක කිරිමට මට සිදුවී ඇත. මේ ගැන වැඩි කථා බහා වුවමණා නෑ කියලා හිතනවා.
හොදයි මම කියන්නම් මෙම මේල් සේවාව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මෙම මේල් සේවාව ගූගල්(Google) සමාගමේ නිදහස් මේල් සේවාවක් වන අතර, මේ සදහා අපගේ නිදහස් ඩොමේන් නාමය යොදාගනු ලබනවා. උදාහරණයක් ලෙස : sysinfo@eigenumalk.co.cc අකාරයෙන්. ඉදිරියේදී නවතම තොරතුරු සමග හම්බුවෙමු..

ගූගල් මුද්‍රිතය
මුල්ම පාඩම යලිත් …
පරිඟණකයේ ප්‍රධාන කොටස්


අපි අපේ මුල්ම පාඩම වශයෙන් පරිඟණකයේ කොටස් කිහිපයක්(හැබැයි වැදගත්
යැයි කියලා හිතෙන් කොටස් කිහිපයක් ගැන විතරයි) ගැන සොයා බලමු. මොකද
මුලින්ම අපිත් එක්ක වැඩ කරන යකාගේ තරම දැන ගෙන හිටියොත්නේ අපිට හරියට
ගහන්න ඕන පදය දැනගන්න පුලුවන් වෙන්නේ.
පරිඟණකයේ ප්‍රධාන කොටස් කිහිපයක් තියනවා (හරියට අපේ අත් පා නාසය වඟේ තමයි.).
1. CPU (central processing unit/මධ්‍යම සැකසුම් ඒකකය);
2. පරිඟණක තිරය (monitor);
3. මූසිකය (mouse);
4. යතුරූ ලියනය (Keyboard);
5. ශබ්ද යන්ත්‍ර (speakers);
මේවා
තමයි අපි හැමෝටම පරිඟණකයක් කිව්ව ගමන් මතකයට එන්නේ. ඇත්තටම මේ තමයි
පරිඟණකයේ ප්‍රධාන අංගයන්, ඒත් මේවාට අමතරව පරිඟණක ක්‍රියාත්මක වීම සදහා CPU එහෙම නැත්නම් මධ්‍යම සැකසුම් ඒකකයේ ඇතුලත ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක(ඔබගේ
පරිඟණක මේසයේ කුඩා කොටසක තැබිය හැකි) ඔබගේ මුළු පරිඟණකයම පාලනය කළ හැකි
කොටස්(හරියටම අපේ මොලේ වගේ තමයි) අන්තර්ගත කර ඇත.
හොදයි අපි දැන් බලමු එක එක කොටස් ගැන;
1. CPU- මධ්‍යම සැකසුම් ඒකකය.:
මෙය බැලු බැල්මටම සාමාන්‍ය පෙට්ටියක් ලෙස පෙනුනත්, පරිඟණකයේ සියලුම පාලන කටයුතු මෙය ඔස්සේ තමයි සිදුවෙන්නේ(අපේ මොලය වගේ තමයි).
2. Monitor- පරිඟණක තිරය. :
මෙය හරියට අපේ රූපවාහිනී තිරය වගේ, මෙය නොමැතිනම් පරිඟණකයෙන් සිදුකරන වැඩ එම මොහොතේදීම බලා ගැනීම අසීරු වෙනවා.
3. Mouse- මූසිකය. :
මෙය හරියට අපේ ඇඟිලි තුඩු වගේ ක්‍රියාත්මක් වෙන්නේ. මෙයින් අපට පරිඟණක
තිරයේ පෙන්වන දත්තයන්ගෙන් කෙලින්ම අවශ්‍ය කරන දත්තයට යා හැකි අතර, අවශ්‍ය
දත්තය තෝරා-බේරා ගැනීමටත් උද්ව් වෙනවා.
4. KeyBoard- යතුරු ලියනය. :
දැන් හැමෝම ද්න්නවා ඇති මේක මොනාටද තියෙන්නේ කියලා සහා මේ මොකක්ද කියලා.
ඇත්තටම මේක අපි පාවිච්චි කරන වචන වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. පරිඟණකයට
අවශ්‍ය කරන කාර්යය ඇතුල් කිරීමට අපි මෙය යොදා ගන්නවා.
මම හිතන්නේ දැන් පරිඟණකය ගැන හැමෝම හොදින් දැන ගන්න ඇති.
පමා වී හෝ නැවත පැමිණීම…
ගොඩ කාලයකට පස්සේ ආයිමත් අවස්ථාවක් හම්බවුනා මගේ බ්ලොග් අඩවියේ පළ කිරීමකට. සමහරු බලයි මොකද මේ ගොඩකාලයකින් කියලා, මොකද කීවොත් මට මගේ පරිඟණකය හම්බවුනේ පේරේදා(11). ඒක මට මාසයකට ආසන්න කාලයක් හදන්න දීලා තිබ්බේ. මොනා කරන්නද ලංකාවේ පරිඟණක බෙදාහරින්නන්ගේ කාර්‍යක්ෂමතාවය කොච්චරක්ද කියනවානම් රැම් 1ක විතරක් මාරු කරන්න මාසයකට ආසන්න කාලයක් ගියා. ඔන්න ඉතින් ආයිමත් මගේ වැඩ පටන් ගන්න යන්නේ අද ඉදලා මුල ඉදන්ම.
තව නව ලිපි ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි. එතකම් සුභ ජීවිතයක්.



