E ඉගෙනුම lk

දන්නා විදියෙන් නොදන්නා යමක්…

මයික්‍රෝසොෆ්ට් ඔෆිස් 2010

Logo_MicrosoftOffice_2010

ඉදලා හිටලා හරි ලිපියක් ලියන්න බැරි වුනොත් මේ අඩවිය කරගෙන යන එකෙනුත් වැඩක් නැති වෙනවා. ඕං ඉතින් ඒ නිසාම මම අලුත්ම ආරංචියක් අරගෙනයි ආවේ ඒ තමයි මයික්‍රොසොෆ්ට් සමාගමේ අලුත්ම කාර්යාලීය මෘදුකාංගය එහෙම නැත්නම් කවුරුත් දන්න විදියට මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2010 බීටා(අත්හදා බැලීමේ) සංස්කරණය දැන් නිකුත් වෙලා තියනවා. මේක නිකුත් වෙලා නම් ටිකක් කල් ඒත් මේක ලිපියක් හැටියට මම ඉදිරිපත් කලේ නැත්තේ මම ම මෙම මෘදුකාංඟයේ ගුණ හෝ අඟුණ ගැන ටිකක් දැන ගන්න කම්. කෝමහරි මේ මෘදුකාංඟය මට දැන් බාගත කරගන්න හම්බ වුනා. ඒ මයික්‍රෝසොෆ්ට් අඩවියෙන්මයි. ඒ සදහා සහයෝගයක් වෙනා විදියට මම ඕගොල්ලන්ට කියන්නම් කෝ ඒකට අවශ්‍ය සබැදුම මොකක්ද කියලා මෙන්න මෙතනින් Office Package එක ඕන අයට බාගත කරගන්න පුළුවන් : http://us1.office2010beta.microsoft.com/default.aspx. බය වෙන්න එපා සල්ලි වලට නෙමෙයි නිකන්, හැබැයි මේක තාම අත්හදා බැලීමේ සංස්කරණයක් කියලා නම් අමතක කරන්න එපා.

හොදයි දැන් බලමු කොහොනද මේක සමග වැඩ කරන්නේ කියලා. Microsoft Office 2007 සමඟ වැඩ කරන්න දන්න කෙනෙක්ට නම් මේක බැලූ බැල්මටම ලොකු වෙනසක් දකින්න හම්බ වෙන එකක් නෑ. හැබැයි මෙම මෘදුකාංඟය වින්ඩෝස් පරිසරය තුළ ආරම්භ වීමේ වේගය ඔෆිස් 2007 වලට වඩා වැඩී කියලා නම් මට හොදින්ම තේරුණා.

Word 2010 Image

මෙහි අන්තර්ගත කරලා තියනවා

  • Word
  • excel Excel
  • powerpoint PowerPoint
  • outlook Outlook
  • onenote OneNote

යන ප්‍රධාන කාර්යාලීය මෘදුකාංඟ හා තවත් උප මෘදුකාංඟ කිහිපයක්.

දැන් අපි බලමු මෙම කාර්යලීය මෘදුකාංඟය ස්ථාපණය කරගන්න අවශ්‍ය සුදුසුකම් මොනවාද කියලා.

Processor(කසනය) :

500(MHz) සකසනයක් හෝ ඊට ඉහල සකසනයක්.

Memory(මතකය\RAM) :

256(MB) RAM ධාරිතාවක් හෝ ඊට වැඩි ධාරිතාවක්.

Hard Disk(දෘඩ තැටිය) :

2(GB) හෝ ඊට වැඩි ධාරිතාවක්

Display(තිරය) :

1024×768 හෝ ඊට වැඩි විභේදනයක්.

Operating System(මෙහෙයුම් පද්ධතිය) :

Windows XP with Service Pack (SP) 3 (32-bit operating system (OS) only) or Windows Vista with SP1, Windows 7, Windows Server 2003 R2 with MSXML 6.0, Windows Server 2008, or later 32- or 64-bit OS.

(ඉහත සදහන් මෙහෙයුම් පද්ධතියක් අවශ්‍ය වෙයි)

මේ ගැන වැඩි තොරතුරු දැන ගන්න නම් http://www.microsoft.com/office/2010/en/default.aspx යන නිළ අඩවියෙන් පුළුවනි.

2009 දෙසැම්බර් 29 - Posted by | අමතර, ඕපා - දූප, පරිඟණක තොරතුරු හා E නිව්ස්, පරිඟණක මෘඳුකාංඟ | , , , , , , , , ,

තවමත් ප්‍රතිචාර නොමැත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.