E ඉගෙනුම lk

දන්නා විදියෙන් නොදන්නා යමක්…

මෘදුකාංඟ හදුන්වා දීම…

හොදයි.. අද ආයිත් දින දෙක තුනකට පස්සේ අලුත් අවුරුද්දේ පළමු දවසේම ලිපියක් ලියන්න වේලාවකුයි හැකියාවකුයි ලැබුනා. ඕං ඉතින් හා හා පුරා කියලා ලැබූවා වූ අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාඟ්‍ය සපිරි සොමි බර වසරක් වේවායි කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද පාඩම ලෙස මම තෝරාගත්තේ මොනාද මේ සොෆ්ට්වෙයාර් එහෙම නැත්නම් මෘඳුකාංඟ කියන්නේ කියලා කියලා දෙන්නයි.

මුලින්ම අපි බලමු මෘදුකාංඟ කියන්නේ මොනවද කියලා…

මෘදුකාංඟ, මේවා තමයි නිකන්ම යකඩ හා ප්ලාස්ටික්(වීදුරුත් තියනවා) වලින් සෑදී තිබෙන ඔබගේ සාමාන්‍ය පරිඟණකය හසුරුවන විදිය කියලා දීලා නියමිත පාරේ ගෙනියන නියමුවා. එහෙම නැත්නම් පරිඟණකය සමාන්‍ය මිනිසෙක්ට කිසි වැදගම්මක නැති යකඩ ගොඩක් වෙනවා. මේ යකඩ ගොඩ(පරිඟණකය) මෙච්චර ලස්සන වර්ණවත් රූප රාමූ අපිට බලන්න සලස්වන්නේ, අපි මේ විදියට තවත් තැනක සිටින පුද්ගයෙක්ට වචන හුවමාරු කරගන්නේ, අපි මේ ඇතුලත් කරන සංඥා අපිට තේරෙන අකුරු බවට පත්කරන්නෙත් මේ මෘදුකාංඟයි.

එතකොට අපිට දැන් මෘදුකාංඟ ගැන පොඩි වැටහීමක් එන්න ඇති. මෙම මෘදුකාංඟ සංකීර්ණ හා සරලව යන්ත්‍රවලට තේරෙන භාෂාවකින් ලියා, එම භාෂාවෙන්ම අපිටත් මෙලෙස ලස්සනට පෙනෙන්නට හා විදාන ලබා දෙන්නට පුළුවන් වෙන විදියට සකසලා තමයි මෙම මෘදුකාංඟ දැන් දැන් වෙළදපොලට එන්නේ. මේ විදියට එන මෘදුකාංඟ කිහිපයක් කිව්වනම් ඕගොල්ලන්ට  හොදටම තේරෙයි. මයික්‍රෝසොෆ්ට් ආයතනය එළි දක්වන වින්ඩෝස්, ඔෆිස් හා ක්‍රීඩා CD’s/DVD’s මෙන්න මේ මෘදුකාංඟ ඝණයටයි වැටෙන්නේ. එතකොට නොමිලේ ලබා දෙන Open Office, Linux හා වෙනත් ක්‍රීඩා CD’s/DVD’s වැනි දෑත් මේ ඝණයට තමයි අයත් වෙන්නේ.

මෘදුකාංඟ ප්‍රධාන වර්ඟ දෙකයි..

අපි ඉහතින් කථා කරපු මෘදුකාංඟ වලත් ප්‍රභේද කිහිපයක් තියනවා. ඒ තමයි Operating System Software(OS/ පාලන පද්ධති මෘදුකාංඟ) හා Application Software(යෙදුම් මෘදුකාංඟ). මේවා වෙන් වෙන් වශයෙන් හදුනා ගමු.

OS…

පරිඟණකය ආරම්භයේ සිට පරිඟණකය ක්‍රියා විරහිත වන තුරා පරිඟණකය ක්‍රියාත්මක කරන්නේ මෙම මෘදුකාංඟ කොට්ටාසයයි. මෙම මෘදුකාංඟ මගින් පරිඟණකය සම්පූර්ණයෙන්ම හසුරුවා අපේ විදාන හා ඕනෑ එපාකම් වලට නතු කරවා දෙන්නේ මෙම පාලක පද්ධති මෘදුකාංඟයි. මෙම මෘදුකාංඟ සෑම පරිඟණකයක්ම ක්‍රියාත්මක කිරීමට යොදා ගනු ලැබේ. මෙම මෘදුකාංඟ නොමැතිව පරිඟණකය තුළ වැඩ කිරීම ඉතා අසීරූ කටයුත්තක් වනු ඇත.

මෙම මෘදුකාංඟ සදහා උදාහරණ කිහිපයක් මෙන්න, Microsoft Windows, Unix, Linux, Ubuntu, Mac OS යන්න ප්‍රධාන තරඟකාරී OS වර්ඟ කිහිපයකි.

Application Software …

එතකොට කවුරුත් බලයි මේ අනිත් වර්ගය මොනාටද කියලා. ඇත්තටම මම පුංචි කාලේ මට තිබිච්ච ලොකු ප්‍රශ්ණයක් තමයි මේ වර්ඟ දෙකේ වෙනස කොහොමද හොයන්නේ කියලා. ඒත් මට වැඩි කල යන්න ඉස්සර වෙලා ඉහත විස්තර කර ආකාරයට මම හොයා ගත්තා මේ දෙකේ වෙනස. OS වල විස්තරය හොදින් බැලුවා නම් ඔගොල්ලන්ට පෙනෙයි මම ඒක හදුන්වා දී තිබෙන විදිය. ඒත් මේක මම හදුන්වා දෙන්නේ මෙන්න මේ විදියට, අපිට අවශ්‍ය කරණ කාරණාවක් ඉෂ්ඨ කර ගැනීමට පරිඟණකය ක්‍රියාත්මක වෙන මොහොතේදී අපට ප්‍රයෝජනවත් වෙන නව මෘදුකාංඟ මේ ඝණයට අයත් වෙයි. දැන් තේරෙන්න ඇති මෙම යෙදුම් මෘදුකාංඟ ක්‍රියාත්මක කරන්න නම් අපිට අපේ පරිඟණකය හොද හැටියට ක්‍රියාත්මක වෙන්නත්, ඒ වගේම පරිඟණකයේ බොත්තම් කිහිපයක් ඔබා නැවත නව වැඩසටහනක් ආරම්භ කළ ය්තු වෙනවා. මෙන්න මේවා වලින් තමයි අපි ගෝඩාක් වේලාවට වැඩ ගන්නේ.

උදාහරණයක් දුන්නොත්; Microsoft Office, Open Office, Adobe Photoshop ආදිය.

මම හිතනවා පාඩම ටිකක් දිග උනාට කට්ටියටම මෘදුකාංඟ ගැන හොද දැනීමක් එන්න ඇති කියලා. එහෙනම් අලුත් පාඩමකින් ආයිත් දවසක හමු වෙමු. එතෙක් ජය වේවා…!!

2010 ජනවාරි 3 Posted by | අමතර, පරිඟණක මෘඳුකාංඟ, පාඩම් මාලා | ප්‍රතිචාරයක් ලබාදෙන්න

   

Follow

Get every new post delivered to your Inbox.