ගොඩකාලයකින් එන්නත් බැරි වුනා…
ඕං ඉතින් වැඩ ගොඩ ගැහිලා තියන අස්සේ මමත් මගේ පන්තියට ඔලුව දාලා යන්න හිතුවා… මොනවා වුනත් මේක අතාරින්න පුළුවන්ද. පංතියේ වැඩ මේ දවස් වල වැඩක් කෙරෙන්නෙම නෑ මොකද ස්පෝර්ට්ස් මීට්නේ. හි…හි…
හරි හරි වැඩට බහිමූ…
දැන් නම් සේරම අයට මෘදුකාංඟයි, දෘඩාංඟයි ගැන හොද වැටහීමක් ඇති. මොකද මම මේ ගැන දැන් කාලයක් තිස්සේ කියවනවානේ. ඒ නිසා මම අද ඇත්තටම කොහොමද මේ මෘදුකාංඟ හා දෘඩාංඟ එකට බැදිලා වැඩ කරන්නේ කියලා කියලා දෙන්න හිතුවා.
මෘදුකාංයක් හදලා තියෙන්නේ පරිඟණක භාෂා ගැන මනා දැනීමක් හා වැටහීමක් ඇති පුද්ගලයෙක්, පුද්ගලයන් රාශියක් හෝ සමාගමක් එකතුවීමෙන්. මේවා නිර්මාණයට c++, Pascal, BASIC(Windows නිර්මාණයට පාදක වූ භාෂාව)… ආදී නොයෙක් විදි නම් වලින් හදුන්වන භාෂා, විවිද සංකේත හා ගණිත උපක්‍රම යොදා ගනී. මෙලෙස පුද්ගලයෙක් හෝ කිහිප දෙනෙක් එකතු වී වෙන වෙනම ක්‍රමලේඛණ කර(Programe) ඒවා එක් කොට සම්පූර්ණ වූ වැඩසටහනක් සාදනු ලබයි.(කිසිම දිනක කිසිම අයෙක් සර්ව සම්පූර්ණ වැඩසටහනක් මාගේ දැනුම මත පළමු වරම එළි දක්වා නැත.) මේවා කලින් කලට අලුත් වී නව මුහුණුවරකින් නිතරම සමන්විත වී පැමිනෙයි.
දෘඩාංඟ නම් ගොඩාක් වේලාවන්ට තනි පුද්ගලයෙක්ට වඩා මහා පරිමාණයෙන් සමාගම් මඟින් කර්මාන්තශාලා තුළ නිපදවයි. මෙම දෘඩාංඟ සදහා කිසිම මෘදුකාංඟයක් මුල් අවදියේ නිර්මාණය වූයේ නැත. නමුත් දැන් දැන් මෘදුකාංඟ වල දියුනුවත් සමග එම ආයතනය විසින්ම හෝ එම ආයතනයේ බලයලත් මෘදුකාංඟ නිෂ්පාධිතයෙක් විසින් එම දෘඩාංඟ අදාල අනෙක් මෘදුකාංඟ සමග ගැටලුවකින් තොරව ක්‍රියාත්මක වීමට අවශ්‍ය දත්ත අඩංගු කොට මෘදුකාංඟ නිර්මාණය කරයි.
දෘඩාංඟ හා මෘදුකාංඟ නියමිත ආකාරයෙන් පවත්වාගෙන යන්නේ මෙම දෘඩාංඟ සමග දැන් දැන් ලබා දෙන මෘදුකාංගයි. මෙම දෘඩාංඟ වල මෘදුකංඟ හා අනෙකුත් ප්‍රධාන මෘදුකාංඟ නිතරම සංඥා නිකුත් කර ගනිමින් ගැටලුවකින් තොරව ක්‍රියාත්මක කිරීමට පටන් ගනී. මෙය හරියට අපි යම් දෙයක් කිරීමට ප්‍රථමව සිතින් සිතා ඒ දේ(සිතුවිලි) සංඥා බවට පරිවර්තනය කර කාර්යයක් සිදුකරගන්නා ආකාරයටයි. උදා: කෑම ගැනීමට එම ආහාරය අතින් අල්ලා මුඛය අසලට ගෙන ආයුතු බව. මෙලෙස මෙම මෘදුකාංඟ නිසි ලෙස සිදුකරන සංඥා බෙදා හැරීමේ ප්‍රතිලයක් වශයෙන් තමයි අපි පරිඟණකය සමඟ අසීරුවකින් තොරව කටයුතු කරන්නේ…
- MSX-Basic
- turbo pascal
තවමත් ප්‍රතිචාර නොමැත.




