පරිඟණකයේ සැකසුම් ඒකකය (CPU)
හොදයි… දැන් ඔබ පරිඟණකයේ භෞතික ස්භාවය දැක ගන්නත් ඒ ගැන සුළු සුළු විස්තරත් දැන ගන්න ලැබෙන්න ඇති කියලා හිතෙනවා. දැන් අපි පරිඟණකයේ ප්‍රධානම කොටස වන මධ්‍යම සැකසුම් ඒකකය(CPU) ගැන ටිකක් සලකා බලමු. පරිඟණකයේ ප්‍රධානම කොටස කීවාම දන්න නොදන්න හැමෝම බලයි “ඇයි අනිත් ඒවා කිසි වැදගත් කමක් නැද්ද?” කියලා ඒකට උත්තරය තමයි, නෑ පරිඟණකයේ සියළුම කොටස් එකිනෙකට සෑහෙන්න ඕන කරනවා. හැබැයි මේ එකකින්වත් පරිඟණකය කියන එක සම්පූර්ණ කරන්න බෑ මෙන්න මේ CPU එක එහෙම නැත්නම් මධ්‍යම සැකසුම් ඒකක ඒ හැම එකක්ම එකිනෙකට සම්බන්ධළෙ නැත්නම්. අන්න ඒකයි මේක එතරම් වැදගත් කීව්වේ. CPU (මධ්‍යම සැකසුම් ඒකකය) තුළ මුළු පද්දථියම පාලනය කරන සියළුම උපාංග අන්තර්ගත කර ඇත. මෙහි ඇතුලත
- Mother Board (මව් පුවරුව)
- RAM (Random Access Memory/තාවකාලික පිවිසුම් මතකය)
-
Processor (සකසනය)ආදී දෑ අන්තර්ගත කර ඇත.මෙහි ඉහල සදහන් එක් එක් උපාංග වෙනමම පාඩමකින් සලකා බලමු.
මෙවැනි අකාරයේ ඉතා වැදගත් භෞතික වස්තුවක් වන මෙය පරිඟණකයේ තුළ හා තුළින් සිදුකරනු ලබන කාර්යන් පාලනය කරමින් ගුණාත්මක සේවයක් සපයයි. මෙහි අන්තර්ගත අනිකුත් ප්‍රධාන කොටස් ඉදිරියේදී අපි හදුන්වා දෙන්නෙමු. එවිට මෙම CPU එකේ මුලීක කාරභාරය හොදින් වැටහෙනු ලැබේ.
මේල් සේවාව සක්‍රීය කිරීමට අපට පුලුවන් කමක් ඇත.
හොදයි, මම අද පාඩමක් ඉදිරිපත් කරනවා වෙනුවට අලුත් දෙයක් හදුන්වා දෙන්න තීරණය කළා. ඒ තමයි අපේ මේල් සේවාව. මේ සදහා ඔබටත් ඉදිරිපත් විය හැක. නමුත් රහස්‍යභාවය හා නොයෙකුත් තවත් කාරණා හෙතුකොටගෙන මෙම මේල් සේවාව අපගේ කාර්ය මණ්ඩලයට හා විශ්වාසදායි සොයුරු සොහොයුරියන් අතරේ පමණක් ක්‍රියාත්මක කිරිමට මට සිදුවී ඇත. මේ ගැන වැඩි කථා බහා වුවමණා නෑ කියලා හිතනවා.
හොදයි මම කියන්නම් මෙම මේල් සේවාව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මෙම මේල් සේවාව ගූගල්(Google) සමාගමේ නිදහස් මේල් සේවාවක් වන අතර, මේ සදහා අපගේ නිදහස් ඩොමේන් නාමය යොදාගනු ලබනවා. උදාහරණයක් ලෙස : sysinfo@eigenumalk.co.cc අකාරයෙන්. ඉදිරියේදී නවතම තොරතුරු සමග හම්බුවෙමු..

ගූගල් මුද්‍රිතය
මුල්ම පාඩම යලිත් …
පරිඟණකයේ ප්‍රධාන කොටස්


අපි අපේ මුල්ම පාඩම වශයෙන් පරිඟණකයේ කොටස් කිහිපයක්(හැබැයි වැදගත්
යැයි කියලා හිතෙන් කොටස් කිහිපයක් ගැන විතරයි) ගැන සොයා බලමු. මොකද
මුලින්ම අපිත් එක්ක වැඩ කරන යකාගේ තරම දැන ගෙන හිටියොත්නේ අපිට හරියට
ගහන්න ඕන පදය දැනගන්න පුලුවන් වෙන්නේ.
පරිඟණකයේ ප්‍රධාන කොටස් කිහිපයක් තියනවා (හරියට අපේ අත් පා නාසය වඟේ තමයි.).
1. CPU (central processing unit/මධ්‍යම සැකසුම් ඒකකය);
2. පරිඟණක තිරය (monitor);
3. මූසිකය (mouse);
4. යතුරූ ලියනය (Keyboard);
5. ශබ්ද යන්ත්‍ර (speakers);
මේවා
තමයි අපි හැමෝටම පරිඟණකයක් කිව්ව ගමන් මතකයට එන්නේ. ඇත්තටම මේ තමයි
පරිඟණකයේ ප්‍රධාන අංගයන්, ඒත් මේවාට අමතරව පරිඟණක ක්‍රියාත්මක වීම සදහා CPU එහෙම නැත්නම් මධ්‍යම සැකසුම් ඒකකයේ ඇතුලත ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක(ඔබගේ
පරිඟණක මේසයේ කුඩා කොටසක තැබිය හැකි) ඔබගේ මුළු පරිඟණකයම පාලනය කළ හැකි
කොටස්(හරියටම අපේ මොලේ වගේ තමයි) අන්තර්ගත කර ඇත.
හොදයි අපි දැන් බලමු එක එක කොටස් ගැන;
1. CPU- මධ්‍යම සැකසුම් ඒකකය.:
මෙය බැලු බැල්මටම සාමාන්‍ය පෙට්ටියක් ලෙස පෙනුනත්, පරිඟණකයේ සියලුම පාලන කටයුතු මෙය ඔස්සේ තමයි සිදුවෙන්නේ(අපේ මොලය වගේ තමයි).
2. Monitor- පරිඟණක තිරය. :
මෙය හරියට අපේ රූපවාහිනී තිරය වගේ, මෙය නොමැතිනම් පරිඟණකයෙන් සිදුකරන වැඩ එම මොහොතේදීම බලා ගැනීම අසීරු වෙනවා.
3. Mouse- මූසිකය. :
මෙය හරියට අපේ ඇඟිලි තුඩු වගේ ක්‍රියාත්මක් වෙන්නේ. මෙයින් අපට පරිඟණක
තිරයේ පෙන්වන දත්තයන්ගෙන් කෙලින්ම අවශ්‍ය කරන දත්තයට යා හැකි අතර, අවශ්‍ය
දත්තය තෝරා-බේරා ගැනීමටත් උද්ව් වෙනවා.
4. KeyBoard- යතුරු ලියනය. :
දැන් හැමෝම ද්න්නවා ඇති මේක මොනාටද තියෙන්නේ කියලා සහා මේ මොකක්ද කියලා.
ඇත්තටම මේක අපි පාවිච්චි කරන වචන වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. පරිඟණකයට
අවශ්‍ය කරන කාර්යය ඇතුල් කිරීමට අපි මෙය යොදා ගන්නවා.
මම හිතන්නේ දැන් පරිඟණකය ගැන හැමෝම හොදින් දැන ගන්න ඇති.
අපේ නව බ්ලොග් ආරම්භය…
අපේ රසිකයෝ සේරම දෙනා දන්නවා ඇති අපි පවත්වාගෙන ගිය Eඉගෙනුම අඩවිය නවතා දැමීමට සිදුවුන බව. ඒකට හේතුව වූයේ පවත්වාගෙන ගිය සර්වරයේ ගැටලු සහගත තත්වය හා අත්‍යවශය නඩත්තු කටයුතු කිරීමට සිදුවීම නිසායි. කෙසේ වෙතත් අපි අපගේ ගමන නැවැත්වීමට කිසිවිටකත් නොසිතූ නිසා මෙලෙස WordPress.com හී බ්ලොග් අඩවියක් ලෙසත්(eigenumalk.wordpress.com) හා jlkhosting.com හි නිල නිදහස් ධාරක අඩවියක් ලෙසත්(eigenumalk.jlkfree.com) එකම නිළදාරී මණ්ඩලයක් මඟින් ඉදිරියටත් පවත්වාගෙන යාමට අපගේ කතෘ මණ්ඩලය හා මම පුද්ගලිකව තීරණය කරෙමු. එම තීරණයේ ප්‍රථිපලයක් වශයෙන් මෙලෙස E ඉගෙනුම LK නමින් අපගේ නවතම බ්ලොග් අඩව්ය ඉදිරියටම පවත්වා ගෙන යාමට ඔබ සැමගේ දායකත්වය පෙර සේම ලැබේයැයි අපගේ බලාපොරොත්වතුයි…!
මෙම බ්ලොග් අඩවිය සමඟ අපගේ නවතම E ඉගෙනුම LK mail සේවාවද ඔබට ඉදිරියේදී හදුන්වා දීමට අපගේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවේ කටයුතු කරගෙන යන බව සතුටින් දැනුම් දෙන්නට කැමතී. වැඩි විස්තර සදහානිල විද්යුත් තෑපෑල lokusir@eigenumalk.co.cc හෝ lokusir@eigenumalk.jlkfree.com යන ලිපිනයන් භාවිතා කර අවශ්‍ය තොරතුරු විමසන්න.
අනෙක් තොරතුරු හැකි ඉක්මනින් මෙම බ්ලොග් අඩවිය හරහා මුදා හැරීමට අප සුදානමින් පසුවෙමු.. නැවත වරක් නවතම ලිපි සමඟ අපේ නඩත්තු හා අනෙකුත් අත්‍යවශය කටයුතු නිම වූ වහාම හමු වෙමු…

